ජීවිතය ඉල්ලා මරණය සමග පොරබැදී වීර සැණකෙළි සොල්දාදුවෝ - Gladiator වරු පිළබද ඔබේ දැනුම පොතට



ලතින් බාෂාවේ කඩු හරබ කරන්නා යන තේරුම දෙන Gladiator වරුන් යනු පුරාන රෝම අධිරාජ්යයේ මිනිසුන් ගේ රසාස්වාදය උදෙසා තවත් එවැනිම සටන් කරුවෙකු සමග සටන් වැදී සන්නන්ධ සටන්කාමින්ය.මොවුන් බොහොමයක් වෙනත් රාජ්ය වලින් අල්ලාගත් වහලුන් ,නැතොත් විවිද සිදුවීම් වලට සම්බන්ද අපරදකරුවන් වේ.නමුත් අතලොසක් Gladiator වරුන් සුවෙච්චාවෙන් තමන්ගේ හෝ රදල පව්ලේ සමාජීය හා නීතිමය පැවැත්ම උදෙසා තම ජීව්ත අනතුරේ හෙලාගත්තේය .
Gladiator සටන් අරඹය තරමක් විවාදාත්මකය , මෙම සටන් ලොවට හදුන්වා දෙන්නේ ක්රි.පු 264දීය ,ඒ එවකට රෝම අධිරාජයේ මුනේරා ප්රාන්තය පාලනය කල Marcus Aemilius Lepidus, නමැත්තාගේ පුතුන් තම පියාට අවමගුල් ගෞරව දැක්වීමක් සේ සලකා ශක්තිජනක යුධ කාමී මිනිසුන් 22ක් මරණය තෙක් සටන් කරවීමෙනුයි .ඉතිහාස කතාවලට අනුව එය දින 3ක් පුරාවට Foro Romano නම් ස්ථානයේ පවත්වා ඇත. දෙවෙනිවර ඉතිහාසයේ GLADIATOR සටන් ගැන සටහන් වන්නේ ක්රි.පු 183 වර්ෂයේ Publius Licinius Crassus Dives සෙනට් වරයාගේ අවමංගල්ය උත්සවය සදහා ශක්තිජනක යුධ කාමී මිනිසුන් 120කගේ සහබාගීත්වයෙන් දින 3කපුරා පැවැත්වීමයි.පසුව රෝම වංශවතුන් තම තත්වය දේශපාලනික ගෞරවය ,වන්ෂවත්බව හා බලවත් බව පෙන්වීමට නිතර Gladiator සටන් සිදුකල බව කියවේ ,එදා මෙදා තුර කරන ලද ලොකුම Gladiator සන්ධර්ශනය ලෙස සැලකෙන්නේ ජුලියස් සීසර් වසර 20කට පෙර මියගිය තම පියා වෙනුවෙන් ශක්තිජනක යුධ කාමී මිනිසුන් 640ක් මරණය තෙක් සටන් කරවීමෙනුයි.රිදී පැහැති සන්නාහ ඇදුමෙන් සරසා CAPUA හි පැවති මෙම සන්ධර්ශනය අති බිහිසුණු මෙන්ම දරුණු ගනයේ සන්ධර්ශනයක් ලෙස ඉතිහාස කතාවල කියවේ,
Gladiator වරු තමන් බාවිතා කල ආයුද අනුව කොටස් 4කට වර්ග කර ඇත
1. Samnite කාණ්ඩයේ Gladiator වරුන්
මොවුන් දකුණු රෝමයේ Samnium රාජ්යය වෙනුවෙන් සටන් වැදු Gladiator වරුන් වේ.අතේ කෙටි කඩුවක් සහ රිජුකොනස්රාකර පලිහක් ද මුහුණ වැසුණු ඇස් පමණක් නිරවරනය වුනු හිස් ආවරණයක් ද ලෝහ පා ආවරණයක් පලද සටන් සදහා පිවිසි මෙම Samnite වරුන් ධක්ෂ රණකාමින්ය



2. Thracians වරුන්
මොවුන් නැගෙනහිර යුරෝපයත් ගිනිකොන දිග යුරෝපයත් නිජබිම කරගෙන් සිටි Tharcians වරුන්ය පසුකලෙක බාර්බෙරියන් වරුන් ලෙසද හැදින්වූ මොවුන් ,මොවුන්ටම අවේනික සන්නාහ වලින් සැරසී යුද පිටියට පැමිණ ඇත ඒවානම් PARMULA නමැති රවුන් පලිහ වක්ර කඩුව හා උරහිස හා කකුල් ආවරණය වූ ලෝහ ආවරණය වේ. මොවුන් බොහොමයක් යුද වහලුන් ලෙස රෝමයට පිරිස විය.



3. Murmillo වරුන්
Murmillo වරුන් යනු ගෝල් දේශයෙන් රැගෙන ආ ගෝල් වැසියන් ගෙන් සැදුම් ලත් Gladiator කාණ්ඩය වේ. මොවුන් Scutum නමැති විශාල ප්රමාණයේ පලිහක් ,පුරාන රෝම කඩුව , මනිකා නමැති උරහිසේ සිට මැණික් කටුව තෙක් දිගැති රිදියෙන් සැදුම් ලත් අවරනයක්ද සහිතව එදා සටන් බුමියට පිවිස ඇත , Murmillo වරුන් යනු අති දක්ෂ සටන් කරුවන් ලෙස හැදිනෙව් මන්ද ගෝල් දේශය යනු රෝම හමුදවාට මෙල්ල කිරීමට අපහසුම හොද සටන් කරුවන්ගෙන් සැදුම් ලත් දේශය විය ,



4. Retiarius වරුන්
Retiarius වරුන් යනු රෝමය නියෝජනය කල අඩුම ආරක්ෂිත සන්නාහයෙන් සටන් බුමියට පැමිණි රණකාමීන් වේ.Retiarius යන වචනය ලතින් බෂාවේ දැල් සටන් කරන්නා ලෙස හැදින්වේ . මොවුන් එසේ හදුන්වා ඇත්තේ මොවුන් සටනට රැගෙන පැමිණ ඇත්තේ විශාල දැලක් , ත්රීශුලයක් හා කෙටි පිහයක් වේ , අඩුම සන්නාහ ඇද සටනට පැමිණි මේ Retiarius වරුන් අනෙක් කාණ්ඩ 3ටම වඩා වෙගවත්ව සටන් කල පිරිස විය.


රෝම ඉතිහාසයේ සදහන් පරිදි එදා මේදා තුර බිහි වුන හොදම Galdiator වරුන් ලෙස හදුන්වන්නේ Spartacus ,Marcus Atilius , Crixus , Commodus , Priscus යන අයවේ .
රෝම අධිරාජ්යය බිදවැටීමත් සමග මෙම කෘර සටන් නැවතී ගිය අතර එවන විටත් මිනිසුන් 30000ක් පමනද සතුන් 100000 කට ආසන්නවද රෝම අධිරාජ්ජ්යයාගේ හා නරබන්නන්ගේ හිත සුව පිණිස දිවි පුදා ඇත
සටහන හා මුල් අයිතිය
The Philosopher සතුය

Comments

Popular posts from this blog